2020 වර්ෂයේ සමෘද්ධි අංශයේ ප්‍රගතිය
සමෘද්ධි බැංකු වැඩසටහන -
- දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨායට අයත් සමෘද්ධි බැංකු සංගම්ගණන 04 කි . එම බැංකු හරහා සමෘද්ධි ප්‍රතිලාභීන් 6393 ක් වෙනුවෙන් 2019 වර්ෂයේ දී රු.13623840.00 ක් ණය මුදල් වශයෙන් ප්‍රතිලාභ බෙදා හැරීම සිදුකර ඇත. එම බැංකු සංගම් හරහා 2020 වර්ෂය වන විට ප්‍රතිලාභීන් 8559 කට රු.376582306.10 මුදලක් පිටහිටි ණය වශයෙන් ප්‍රතිලාභීන්ගේ නිවාස ඉදිකිරීම් , ස්වයං රැකියා වැඩිදියුනු කිරීමට හා ගෙවතු වගා සංවර්ධන වැඩසටහන් යටතේ අයවීමට නියමිතව ඇත.
සමාජ ආරක්ෂණ වැඩසටහන -
- 2020 වර්ෂය සඳහා සමාජ ආරක්ෂණ යටතේ රු.2206315.00 ක් ප්‍රතිලාභීන්ගේ මරණ,විවාහ,දරු උපත් හා රෝහල් ගාස්තු වශයෙන් ප්‍රතිලාභීන් 285 කට ලබා දී ඇත.
සමාජ සංවර්ධන වැඩසටහන -
- සමාජ සංවර්ධන වැඩසටහන යටතේ නිවාස අහිමි ප්‍රතිලාභීන්ට සඳහා රු.1400000.00 වැය වසම නිවාස 07 ක් සහාය දීමට කටයුතු යොදා ඇත.ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ සනීපාරක්ෂක පහසුකම් අහිමි ප්‍රතිලාභීන් සඳහා සනීපාරක්ෂක පහසුකම් සඳහා වැසිකිලි 66 ක් ඉදිකිරීම සඳහා රු.180000.00 මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇත
ජීවනෝපාය සංවර්ධන වැඩසටහන -
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ බැංකු වල පවතින චක්‍රිය අරමුදල් යටතේ රු.100000.00 උපරිමයට යටත්ව 5 % ක හිඟ වන ශේෂය යටතේ ප්‍රතිලාභීන්ට ණය පහසුකම් ලබා දීමට කටයුතු යොදා ඇත. සෞභාග්‍ය ගෙවතු වගා සංවර්ධන වැඩ සටහන යටතේ ප්‍රතිලාභීන් 576 ක් සඳහා බීජ ලබා දීමට කටයුතු කර ඇත.
සමෘද්ධි සහනාධාර අඩුආදායම් ලාභීන් සඳහා 2020 කොරෝනා වසංගත වැඩසටහන -
- 2020 කොරෝනා වසංගතය යටතේ ආපදාවට පත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම් ලාභීන් ජීවනෝපාය අහිමි ප්‍රතිලාභීන් හා සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමට සුදුසු පුද්ගලයන්ට සහන සැලසීම සඳහා රු.5000.00 බැගින් වාර 02 ක් යටතේ රු.119,480,000.00 මුදලක් ප්‍රතිලාභීන් 12039 සහ 11857 වශයෙන් 23,896 ක් සඳහා මුදල් සහනාධාර ලබා දී ඇත.














