“ස්වාභිමානී” 2019 / 2020 ජාතික සම්මාන ප්‍රදානෝත්සවය

ආබාධ සහිත පුද්ගලයන්ගේ ස්වශක්ති සංවිධාන ජාතික මට්ටමින් ඇගයීම සහා සමාජ සේවා දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වන ස්ව අභිමානි ජාතික වැඩ සටහන 2019 හා 2020 වර්ෂයට අදාලව 2021.11.25 වන දින බත්තරමුල්ල අපේගම පරිශ්‍රෙය්දි

වසංගත රෝග නිවාරණ හා කොවිඩ් පාලන රාජ්‍ය ආමාත්‍ය ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීණි.

එම ජාතික සම්මාන උළෙලේදී  දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සදහා සම්මාන 06 ක් ලබා ගැනීමට සමත් වීය

  • 2019 වර්ෂයේ හොදම ආබාධ සහිත පුද්ගල ස්වශක්ති සංවිධානය -දික්වැල්ල නව සහන ස්වශක්ති සංවිධානය- ප්‍රථම ස්ථානය
  • 2019 වර්ෂයේ හොදම ස්වශක්ති ව්‍යාපෘතිය ලෙස නව සහන ස්වශක්ති සංවිධානය මගින් සිදුකල ප්‍රවේශ පහසුකම් ව්‍යාපෘතිය- ප්‍රථම ස්ථානය
  • 2019 වර්ෂයේ හොදම ස්ව ශක්ති සාමාජිකයා- නව සහන ස්වශක්ති සංවිධානයේ ගරු සභාපති යේඊෂ් මොහොමඩ් අත්තායස් මහතා- ප්‍රථම ස්ථානය
  • 2019 වර්ෂයේ ආබාධ සහිත පුරවැසියන්ට වැඩිම රැකියා ලබාදුන් ආයතනය ලෙස දික්වැල්ල රත්මලේ මියාමි හරිත්මා පුද්ගලික සමාගම- තෙවන ස්ථානය
  • 2020 වර්ෂයේ නිවෙස් මට්ටමින් සාර්ථකව පුනරුත්ථාපනය වු ආබාධ සහිත පුද්ගලයා ලෙස දික්වැල්ල ජයන්ති කුමාරි බණ්ඩාර මහත්මිය- තෙවන ස්ථානය
  • 2020 වර්ෂයේ කාර්යක්ෂම සමාජ සේවා නිලධාරි ලෙස දික්වැල්ල ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි- කේ.ඒ සම්පත් පුෂ්පකුමාර මහතා- දෙවන ස්ථානය

ඉහත සම්මාන ප්‍රධානයේදී සම්මාන හා සහතික පත් වලට අමතරව මුදල් ත්‍යාගයන්ද සම්මාන ලාභින්ට හිමිවිය.

 swashakthi4 swashakthi 1 swashakthi5 swashakthi2

Scroll To Top